Friday 30 July 2021

අපූරු සුවඳේ කතන්දරය.

අපූරු සුවඳේ කතන්දරය.


වෙල් යාය මැදි කරන්
ගලන දොල පාර අද්දර
නියරේ රූස්ස සියඹලා ගහයට
ඉඳගෙන දවසක් දා
සෙන්කොට්ටන් කියවපු හැටි
වනාතේ රූස්ස ගස් මුදුන් මතට
වැටී දිලෙන රන් පාට හිරු රැසත්
දොලේ ඳියේ පළිඟු මෙන් දිදුලමින්
මගේ වත සිඹින වීදුරු එළිත්
සැනින් ඉඟිල යන සුඳු කොක් රෑනත්
ඈත නිල් අහසෙ ගෑවෙන
නකල්ස් කඳු වළලුත්
මඳ සුළඟත්
නිවපු දෙනෙතේ විඩාව
ඊ බුක් කියවද්දි
සුදු පාට බිත්ති හතර අතරින්
නිකමට මට මතක් වුණා

අපූරු සුවඳේ කතන්දරය.

https://youtu.be/m5fZapWFAIQ



2 comments:

sandhakadapahana.blogspot.com said...

මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "අංක 8 කැටපත් පවුර" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

තිළිණි said...

බොහොම ස්තූතියි! 👍👍