Sunday 14 July 2019

මටත් තියනවා හිතක්.

දිනපතා සුපුරුදු කප්පරක් වැඩ අතරේ
හිතේ ඉපදී මියැදෙන සිතුවිලි සාගරේ
තත්පරෙන් පංගුක් වෙන නෑ ඉඩක් හදවතේ
මටත් තියනවා හිතක් නුඹේ වදන්ම පිළිරැවු දෙන

මැවෙන ලෙංගතු සිත් රුව
හද ගැඹුරෙම පටිගත ගී රාව
අහන්න හරි ආසාම අව්‍යාජ සිනහව
සිහිවී කවට තනිවම හිනා යන උමතුව
මටත් තියනවා හිතක් නිතරම නුඹවම හොයන

නොදනිමි ඇයි නුඹ මේ තරම්
හරි ආදරෙන් ආදරේ දෙන්නේ
වදනින් පලගස්වන්ට හැකත් දැනෙනා හැගෙනා හැමදේ
කියාගන්න හිරවුණ හැගීමට වඩා
වැඩියෙන් ආදරේ උතුරන
මටත් තියනවා හිතක් නිතරම නුඹව අහන

හිරු නැගෙන පැයේ සිට
එන තෙක් බලා හිඳ
ලෝකයේ නෙතින් සැගවී
නුඹේ නෙතට හොරා
නුඹේ නෙත් සර බලන
මටත් තියනවා හිතක් නුඹ නොදන්න

දිනක් දෙදොහක් නෙතට නෙත හමු නොවූ
දා පටන් කෙවෙන නෙතගින්
පසුකර දෙකොපුල් රූරා වැටෙන
සරදම් වදනිනුදු සැනකින් උණුවෙන
මටත් තියනවා හිතක් හරියට පෑරෙන

නෙතේ කදුළු රහසේම හංගා
නෙතින් නෙතට සිනහා කැන්දන
පවන් රොදෙත් සතුට විදින
වගකීම් කරදරා හිතුමතේ  පාවෙන
මටත් තියනවා හිතක් නුඹටම පෑහෙන

විසල් අහස් කුස ඈත ඉමකදී
හමුවූ නුඹ සුදු වළාවක්
පෙනෙන මුත් අතැගිලි අතර
සිර කරගනු බැරි
කඳු මුඳුනටම විත් ළං ළංව දැකගනිමි
පාවී නුඹ යන හැටි දිනක
ඇදහැලෙන්නට නෙක මල්
පල බර සිත් උයනකට


Saturday 6 July 2019

ලේබලයක් නැති බැදීම.

ආදරෙයි නොකියාම
පෙම්බසක් නොදොඩාම
"උඹ බං බොලං"
රළු අකුරු අස්සේ
නොකියූ ලෙන්ගතුව
හඳවතට දැනුන ලස්සන
මට වචන නැතුවාට
නුඹට හැකිනම් කියන්ට

සඳ කිඳුරි තරමටම නූනත්
පිසදැමූ කඳුළු තව මදිවට
කඳුළු නැතත් කදුළු උනපු
නෙත නොපියූ තත්පරයක්
ගතවූ පැය විසිහතරක්
මදිවට තව විසිහතරක්
පතොක් කටු මත ගෙවුණ
ගොළුව වුන් දෙතුන් දොහක්

දුක අසා අස්වසා
කඳුළු වියලා සිනහ කැන්දා 
හිත ලඟින් රන්දා
මිතුදමකි නොබිදෙනා
නිමක් නැති මේ සසරෙ
හුරු පුරුදු හද ගැස්ම
පෙර භවයෙ එක කුස
නුඹත් මාත් හිටියද මන්දා

එකින් එක ගෙවෙනා වසර
පසුකර ඒවි එක දොහක
කටකොනින් ඇඳීයන
සිනහවත් සඟවගෙන
දැන් මොකද වෙන්නෙ ඔහෙ
ඇවිත් බලලා යන
අවසන් දවස එක ඉසවුවේ
නුඹ මා දෙනෙත් මුණ ගැසෙන

නිමක් නැති මේ සසරෙ
අලුත් හැම දේ අතරෙ
හුරුපුරුදු හඳගැස්ම
දැනුනොතින් හදවතට
මේ ජන්මයේ ලෙසින්
අපි ආයෙත් දොඩමළු වෙමු
සිත් බැදි සෙනෙහසින්..