Thursday 14 March 2019

ආදරණීය ඉර

ඉර අහසට එන්න කලින් අහස එළිය කල හඳ තරු
ඉරත් එක්ක නොපෙනී ගියා
රෑ පුරාම පාළු මැකූ වවුලෝ රැහැයියෝ කණාමැදිරියෝ වහං උනා
රෑ මැදියම සුවඳ කල කඩුපුල් රෑ කුමාරී නිදා වැටුනා
ඉර අහසට වැඩියා
ලෝකය එලිය කලා
උදෑසන ගෙවී දහවලට හෝරා ගෙවෙද්දී ඉර එළිය සැර වැඩි උනා
සමහර කාල වලට ඉරෙන් විසි වෙන දරුණු ගිණි දැල් කිරණ සැරට බොහෝ දේ පිච්චෙන්න උනත් පුලුවන්
අනේ ඉක්මනින් රෑ උනානම් කියලා මට හිතුනා
ඉර අවුවේ සැරට වඩා සෞම්‍ය සඳ එලිය කොච්චර මනරම්ද
තරු අහසට කොච්චර හැඩද
මේ සිසිල් සුලඟ යට අඩ අඳුර ගතට කොච්චර සැපද
කන් අගුලු වැටෙන කරච්චල් වලට වඩා සිසිල් සුලඟේ නටන ගහ කොල තාලෙට ගැයෙන රැහැයි ගී මිහිරියි කියලා කියලා මට හිතුනා
ඒත් ලෝකය පවතින්න නම් මේ රැය ගෙවෙද්දී ඉර පායන්නම එපැයි
ලෝකය පවතින කතන්දර කෙසේ වෙතත් හෙට ඉර පායනවාමනේ
දහවල රැස් සැර වැඩි උනත් කොයි දේ කොහොම වෙතත් හඳේ ලස්සන බලන්නත් එලිය දෙන්නේ ඉර.

ඉර නැතුව බැහැ
ඒත් හදට ලෙන්ගතු හඳ


2 comments:

Kalana said...

ගොඩක් දේ ඉරටත් , හඳටත් මුවා වෙලා ලස්සනට ලියල තියනවා .
මේක කියවන කාට උනත් අතීතය මතක් නොවී තියෙන එකක් නෑ .

ක්‍රමානුකූලව කියන්න ඕනේ දේ ලියල තියෙනවා අගේ ට. :)

තිළිණි said...

බොහොම ස්තූතියි.. මගේ උත්සාහය සාර්ථකයි එහෙනම්! :)