Sunday 12 December 2021

නුඹේ පෙරමං

 නුඹේ පෙරමං


දවස පුරාම ආකාසේ වෙලාගෙන තිබුණ මන්දාරම රෑ අඳුරටම හැරිලාත් හෝරා කීපයක් ගෙවී ගිහින්.
මම තවම නුඹ එන පෙරමඟ බලාන. 
වැහි අඳුරත් රෑ අඳුරත් බැලූ බැල්මට වෙන් කරගන්න බැරි වුණත්.. 
වෙනදාට වඩා සෞම්‍ය මේ සීතල රෑ හුළඟ ට වැහි ලකුණු කියනවා.

හෙට කලා සොලස පිරෙන්න ලැහැස්ති හඳේ පේන්නේ..
ඝණ වැහි වළාකුළු අතරින් යාන්තමට කහ පාටට ආලෝක ධාරාවක් විතරයි.
ඈත තෙක් මානයේ ආකාසේ..
රටාවකට එක්කාසු වුණ වැහි වලාකුළු මත හඳ එලිය වැටිලා
දෙවු ලොව මනු ලොවින් වෙන් කරන මායිමක් වගේ.

වැහි එන පෙරමං මේ සොඳුරු සොබාදහම මට එහෙම කියද්දී..
සොඳුර නුඹේ මේ නුපුරුදු රුඳු පෙරමං..
නුඹේ හිත මට කියන්නේ මොකක්ද කියලා මම තවම හිතනවා.. 
සොබාදහමේ මේ ලතාවන් කොයිතරම් වෙලා නිහඬව රස විදින්න මගේ හිත ආසාද..
නුඹේ ඔය මොන ලතාවත් ඊටත් වඩා කල් නිහඩව රසවිදින්න මං හරි ආසයි,
නුඹ නොදන්නවා වුනාට.

නුඹේ පරමං



5 comments:

sandhakadapahana said...

අපගේ සින්ඩියේ ඔබට ඉඩක් වෙන්කොට ඇත! ගොඩවී බලන්න - කැටපත් පවුරේ!

තිළිණි said...

බොහොම ස්තූතියි තවත් බ්ලොග් හදුන්වා දුන්නාට!

නමියගෙ වීදිය said...

දිගටම ලියන්නට.. කොමෙන්ටුව දානට පහසු කරවන්ට. (වෙනම පිටුවකට යන එක). මෙහෙටත් එන්ට -
https://sandaiduwari.blogspot.com/2021/12/blog-post_19.html

තිළිණි said...

බොහොම ස්තූතියි ! 💚

නමියගෙ වීදිය said...

මෙතනට එන්ට කියන්ටයි හිටියෙ කට්ටියට මුහු වෙන්ට.
https://nidigepanchathanthare.blogspot.com/2021/12/blog-post_20.html#comment-form