Tuesday, 15 September 2026

මන්ද රිදුන කාරණාව?

අහන්න එපා ඇයි කියලා

හැම දේකටම

හේතු කියන්න ඕනෙ නැහැ!

අදත් හිත ටිකක් රිදෙනවා

"බෑ" කියන්නේ
අකමැති නිසා
සමහර වෙලාවට
“බෑ” කියන්නේ
අකමැත්තටම නෙවෙයි…

අතේ කිසි දෙයක් නැති නිසා!
උහුලපු කෙනෙක්
විතරක්ම දන්න
හිස් අතේ බර

මාස ගානක් වැසි නොවැටී
නියගයෙන් වියලී ගිය
ජීවිත මතට
මහා වරුසාවක් ඇද හැලුනා
ඒ මහා ජල කදම
සියල්ල සෝදාගෙන
ගලාන ගියා

දීමේ අරුතත්,
ගැනීමේ මඟත්
එකම අතකින් ලියවෙනවා.

ඒ නිසා අද
මම මගේ හිතට
එකම දෙයක් කියනවා…

“රිදෙන්න එපා…”

හැම දේකටම
පිළිතුරු දෙන්න ඕනේ නැහැ.

“කළමනාකරණයේ නමට 
ආත්මාර්ථය රජ කරන තැන, 
පහළින් දරන බර 
කිසිදා ඉහළට නොදැනේ…”

අදත් හිත ටිකක් රිදෙනවා…

ඒත්
මේ වතාවේ මම
හිත හදාගන්නවා.

මොකද
මගේ අත හිස් වුණත්,
මගේ හිත
තවම හිස් වෙලා නැහැ.

රිදුනු හිතේ දුක
මෙහෙම කියු හින්දා
බිඳුනු රිදුනු හිත
අයෙ ටිකක් හැදුනා.