Wednesday 17 April 2019

වැස්ස නුඹ වගේ.

වැහි බිංදු පොලවට වැටිල ගලාගෙන යන පුන්චි පුන්චි දියපාරවල් දිහා බලාගෙන ඉන්න..
ඒත් එක්ක හිතට එන සිතුවිලිත් එක්ක ඔහේ අතරමන් වෙන්න..
ගහකොල අතරින් හමාගෙන එන සීතල සුලඟ ඇගේ වැදිල කිලිපොලන ඒ හැගීම විදින්න..
ඈත පේන සුන්දර නකල්ස් කදු වැටිය මීදුමත් එක්ක හැංහිලා යන හැටි බලන් ඉන්න..
වැහි කාලෙට කදු වලල්ලෙන් ඇදහැලෙන පුංචි පුංචි දිය ඇලි සුදු පාටට මතුවෙන හැටි බලන්න..
මං වගේම වැස්සට අහුවෙලා තෙතබරිවෙලා ගෙදර ඇවිත් ගස් අස්සෙ ඉදන් තටු වේලන කුරුලු කිරිලි‍යො දිහා බලාගෙන තනියම හිනාවෙන්න.


උණු තේ එකක් හදාගෙන ඇවිත් සීතලේ වැස්ස දිහා බලාන පොතක් කියවන්න.. නැත්නම් සුන්දුවක් අහන්න..

වැස්ස නුඹ වගේ...
සිත් මලට ඇද හැලේ
මලේ පාට නොසේදීම
පුදුමයක් තමයි..



වැස්ස කියන්නෙ භාවනාවක්.
සුන්දර හිත් වලට සමවැදෙන්න පුලුවන්.

ඒත්...
ඒ සුන්දර ආදරණීය වැස්සම තව කෙනෙක්ගේ ජීවිතයට අසුන්දර අත්දැකීමක් වෙන හැටි!
නොතෙමී ඉන්න හරිහමන් සෙවනක් නැතුව,
අපි ආසාවෙන් තෙමෙන වැස්සෙ දුක් විදින කී දෙනෙක් ඇත්ද.
ගුලිවෙලා උණුසුම් වෙන්න ආවරනයක් නැතුව,
අපි ආසාවෙන් විදින සුලඟ කී දෙනෙක්ට වේදනාවක් වෙලා ඇත්ද.
අපි ආදරේ කරන සුන්දරත්වය විදින වැස්සට,
ජීවිත කාලෙම ගොඩ නගපු දේවල් ඇස් පනාපිටම හේදිලා යද්දී කී දෙනක් ශාප කරනවාද.

එකම වැස්ස වුණත් එකම විදිහට අපේ ජීවිත වලට ඇද හැලෙන්නේ නැති හැටි!.