Wednesday 21 July 2021

ආයෙමත් ඇවිදින්.

ආයෙමත් ඇවිදින්.


දවල් වෙනකල් ටිකක් වැඩිපුර නිදාගන්න දවසට ඔරලෝසුවේ කටු කැරකෙන්නේ වේගය වෙදාට වඩා වැඩි වෙලා වගේ. ඒත් ජීවිතේ සමහර දවස් වල දවසම නිදාගත්තත් කාලෙ ගෙවෙන්නෙ ඉබි ගමනේ.

හිතේ සියුම් තැන් වල පැලපදියම් වෙලා ඉන්න අපි ආදරේ කරන අය අපි ආදරේ කරන දේ වෙනුවෙන් හංගන්න බැරි කඳුළු, හංගන්න බැරි හැගීම්, අකුරු වෙලා ගලාන ගිය තැන් වලින් මම වැඩිපුරම ආසා කරන මගේ බ්ලොග් එක ලියන තිබුණ ආසාවත් කාලයත් එක්ක අඩු වෙලා ගියා.

ජීවිතේ සමහර කාල වකවානු තියනවා අපි හසුරවන්න ඕන අපේ ජීවිතේ අපිව හසුරවන. රූකඩයක් වගේ එයාට ඕන විදියට ඒ අතට මේ අතට වැනෙන. අපි වැඩිපුරම ආසා කරන දේවල් පවා අපිට එපාම වෙන. මානසික ආතතියේ ලක්ෂණ ලයිස්තුවේ එන කරුණු!

කොරෝනාවත් එක්ක ජීවිත උඩු යටිකුරු වෙද්දී ගෙදරට වෙලා දවස ගෙවන්න හැමෝම තමන්ටම කියලා නානාප්‍රකාර පාරවල් හොයාගත්තනේ.
ඉතින් ඉතින් ඔයාලා මොනවද කලේ?
මොනවද නොකලේ කියලද අහන්න තිබුණෙ? 😉

බ්ලොග් එක පැත්තේ එන්න කම්මැලි වෙලා හිටිය මමත් අලුත් විනෝදාංශයක් හොයාගත්තා ආතතියත් එක්ක සටන් කරලා සතුට දිනවන්න.

ඔයාලට හිතෙන්නේ මොකක්ද?

මගේ අලුත් ව්‍යාපෘතිය යූ ටියුබ්. 😀
මුල්ම අදියර ඉවුම් පිහුම්.

රඹුටන් වාරෙන් පටන් ගත්ත නිසා රඹුටන් චට්නියකින් තමයි මුල් ගල තිබ්බේ..

👉  රඹුටන් චට්නි


කාලා කාලා ඉවර කරගන්න බැරි වුණ නිසා රස ගුණ රඹුටන් බීමකුත් හැදුවා..

👉  රඹුටන් බීම


අප්පච්චිගේ කොරටුවේ බඩ ඉරිඟු අස්වැන්නේ අන්තිම කොටසින් බඩ ඉරිඟු ඉඳි ආප්ප හැදුවා..

 👉 බඩ ඉරිඟු ඉඳි ආප්ප


ලොකු කේක් එකක් හදන්න කම්මැලි හිතුන වෙලාවක හවස තේ වෙලාවට ටක් ටික් ටුක් ගාලා ටෝස්ටර් එකෙන් බටර් කේක් හැදුවා..

👉  ටෝස්ටර් බටර් කේක්


පන්සලේ දානෙට අම්මට අන්නාසි ජෙලී පුඩින් එකක් හදලා දුන්නා..

 👉 අන්නාසි බ්‍රෝකන් ග්ලාස් ජෙලී පුඩින්


ගෙදර නිතරම හැදුන කොත්තමල්ලි තේ එකත් නොදන්න කාටම හරි බලන්න මෙහෙම දැම්මා..

👉  කොත්තමල්ලි තේ


උයන ඒ ආසාවත් පල්ලම් බහිද්දී ඔන්න මෙන්න මෙහෙම අදියරක් පටන් ගත්තා. 😉
මම අකුරු කරපුවා මගේ හඩින් රූප රාමු ටිකක් එක්කාසු කරලා.. 

 👉  නුඹේ පෙරමං


ප.ලි.

මේ ඇත්තමයි කියන්නේ.. බ්ලොග් එකට නාවට මම ලියපු ලිපි කියවලා අදහස් කියලා මාත් එක්ක හිටපු ඔයාලා..ඔයාලගෙ නමින් බ්ලොග් පින්තූරෙන්, මම ඔහේ ඉන්න ගොඩක් වෙලාවට මගේ මතකෙට ඇවිත් ගියා. කොරෝනා නිසා උවදුරක් වුණේ නෑ නේද? හැමෝම සුවෙන්ද?

4 comments:

සොඳුරු සඳවතී said...

මාත් ආවා ඕං මෙහෙ

තිළිණි said...

බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට.. ❤️❤️❤️

Kalana said...

නියමයි ...... ඉස්සරහට බ්ලොග් ලියන එකක් නෑ වගේ එහෙනම් .

ඔන්න මමත් ගොඩඋනා ඔයාගේ youtube channel එකට .

දිගටම ලියමු(බ්ලොග්) , සහ දිගටම කියමු ( youtube)

ජයවේවා අලුත් වැඩේට .

තිළිණි said...

බොහොම ස්තූතියි...!
නෑ නෑ කොහෙත්ම නෑ. බ්ලොග් එක දිගටම ලියනවා.
ආයෙමත් ස්තූතියි මේ වචන වලට!