Friday 21 June 2019

හිතුවක්කාර හීන.



නුඹෙ අතක එල්ලිලා යන්න සැනකෙලි
පොසොන් මහේ එක රැයක්
නුඹත් එක්ක හීනයක්
පාට නොවෙන හීනයක්

දෑත් පටලන් සෙනඟ පීරන් බලන්න යන්න කූඩු
හඳ අඳුර කපන රැයක හීනයක්
හිත කිතිකැවෙන හීනයක්

රළුද සියුමැලිද කියාවත් නොදන්න
නුබේ දෑත පටලන් හිම කිරන කන්න
පොසොන් සුළඟැති රැයක හීනයක්
අසම්මුතිත හීනයක්

නුඹෙ දෑසට එබී ආදරේ හැඟුම් හොයන්න
හුස්ම හිරවෙන තරම් හිනාවෙන්න
සිතුවිලි පියබන රැයක හීනයක්
හිතුවක්කාර හීනයක්

නුඹටත් ඇති හීනයක්
නුඹෙ හීන මැණිකෙ එක්ක හීනයක්
ආදරණීයම හීනයක්
මතු දිනක මම දකින සැබෑවක්


9 comments:

කිඹුලී said...

අහම්බෙන් ආවේ හරි අපූරු තැනක්

තිළිණි said...

බොහොම ස්තූතියි මේ පැත්තට ආවට..

Pawan Anjana said...

ලස්සනයි !
ජයවේවා!

Pawan Anjana said...
This comment has been removed by the author.
තිළිණි said...

බොහොම ස්‍තූතියි..

Kalana said...

හීන ගැන මේ දවස් වල ගොඩක් දෙන්නා කථා කරනවා . ඔයා දැනෙන්න ලියලා තියෙනවා හීන පාට උන , කරන විදිය . හැමදාමත් වගේ ගොඩක් හිතලා ලියලා . හරිම අගෙයි .

ඔයාගේත් හීන හැබෑවේවා ! :D

සේපාලිකා මල් said...

ලස්සනට ලියල තියෙනවා. අදයි ආවේ මේ පැත්තට.

තිළිණි said...

ඔවු මටත් වැඩිපුර හීන ගැන ලියවිලි ඇස ගැටුනා මේ දවස් වල..
බොහොම ස්තූතියි.. ඔයාටත් එසේම වේවා! :D

තිළිණි said...

බොහොම ස්තූතියි මේ පැත්තට ආවට..
කවි සාගරයක් තියනවා වගේ නිවීහැනහිල්ලේ කියවන්න එන්නම්කෝ ඒ පැත්තෙත්.. :)