Sunday 14 July 2019

මටත් තියනවා හිතක්.

දිනපතා සුපුරුදු කප්පරක් වැඩ අතරේ
හිතේ ඉපදී මියැදෙන සිතුවිලි සාගරේ
තත්පරෙන් පංගුක් වෙන නෑ ඉඩක් හදවතේ
මටත් තියනවා හිතක් නුඹේ වදන්ම පිළිරැවු දෙන

මැවෙන ලෙංගතු සිත් රුව
හද ගැඹුරෙම පටිගත ගී රාව
අහන්න හරි ආසාම අව්‍යාජ සිනහව
සිහිවී කවට තනිවම හිනා යන උමතුව
මටත් තියනවා හිතක් නිතරම නුඹවම හොයන

නොදනිමි ඇයි නුඹ මේ තරම්
හරි ආදරෙන් ආදරේ දෙන්නේ
වදනින් පලගස්වන්ට හැකත් දැනෙනා හැගෙනා හැමදේ
කියාගන්න හිරවුණ හැගීමට වඩා
වැඩියෙන් ආදරේ උතුරන
මටත් තියනවා හිතක් නිතරම නුඹව අහන

හිරු නැගෙන පැයේ සිට
එන තෙක් බලා හිඳ
ලෝකයේ නෙතින් සැගවී
නුඹේ නෙතට හොරා
නුඹේ නෙත් සර බලන
මටත් තියනවා හිතක් නුඹ නොදන්න

දිනක් දෙදොහක් නෙතට නෙත හමු නොවූ
දා පටන් කෙවෙන නෙතගින්
පසුකර දෙකොපුල් රූරා වැටෙන
සරදම් වදනිනුදු සැනකින් උණුවෙන
මටත් තියනවා හිතක් හරියට පෑරෙන

නෙතේ කදුළු රහසේම හංගා
නෙතින් නෙතට සිනහා කැන්දන
පවන් රොදෙත් සතුට විදින
වගකීම් කරදරා හිතුමතේ  පාවෙන
මටත් තියනවා හිතක් නුඹටම පෑහෙන

විසල් අහස් කුස ඈත ඉමකදී
හමුවූ නුඹ සුදු වළාවක්
පෙනෙන මුත් අතැගිලි අතර
සිර කරගනු බැරි
කඳු මුඳුනටම විත් ළං ළංව දැකගනිමි
පාවී නුඹ යන හැටි දිනක
ඇදහැලෙන්නට නෙක මල්
පල බර සිත් උයනකට


6 comments:

Duminda Abeysekara said...

ලස්සන නිර්මාණයක්.
ජයවේවා!!!

තිළිණි said...

බොහොම ස්තූතියි..!

Kalana said...

ලස්සන පද ගෙත්තමක් . මටත් තිබුණා මෙහෙම .......

Kalana said...

ඇයි දැන් ලියන්නේ නැත්තේ .

තිළිණි said...

බොහොම ස්තූතියි!
'මටත් තියනවා'
දැන් නම් මටත් "තිබුණා" මෙහෙම 😄

තිළිණි said...

ලිවුවා.ඒත් පෙන්වන්න බැරි වුණා. ආයෙත් ආවා.