Wednesday 21 June 2023

පරක්කුව.



බස් එකේ තිරින්ගෙටත් කලින් පැනලා
කෝච්චිය නවත්වන්නත් කලින් බැහැලා
තත්පරෙන් පංගුවත් ඉතිරි කරලා
දුවන්නේ ජීවිතයත් පරදුවට තියලා
රට ගොඩනගන්න පරක්කු වෙලා නේද?

විනාඩියක ඉවසුමක්
නැති කහ එළිය දකින කල්
ගියරයට යන අත්
ඒ තත්පරෙන් පංගුවත්
රට ගොඩනගන්න පරක්කු වෙලා නේද?

ඔරලෝසුවේ කට්ටට කැරකෙන ඇස් ගෙඩි
දිවා බෝජනයෙන් තේ වෙලාව එනතුරු
ඇඟිල්ල ගහන මැෂිමට නිති දුවන හිත
ගෙදර ගිහින් රට ගොඩනගන්න නේද

මේ දුවන තරමට හැදුනානම් රට
චීන්නුත් ඉල්ලයි අද අපෙන් ණය!


3 comments:

නමියගෙ වීදිය said...

හෙහ්..හෙ. රට කොට උඩ!

තිළිණි said...

හෙහ් හෙහ්.. අනේ අපොයි නේද ?
ස්තූතියි නමියා!

නවීන් සංදීප කුමාර said...

ඒ දුවන්නෙ රට ගොඩනගන්නට කියලා කවුද ඔයැයිට කීවෙ?