Saturday 6 July 2019

ලේබලයක් නැති බැදීම.

ආදරෙයි නොකියාම
පෙම්බසක් නොදොඩාම
"උඹ බං බොලං"
රළු අකුරු අස්සේ
නොකියූ ලෙන්ගතුව
හඳවතට දැනුන ලස්සන
මට වචන නැතුවාට
නුඹට හැකිනම් කියන්ට

සඳ කිඳුරි තරමටම නූනත්
පිසදැමූ කඳුළු තව මදිවට
කඳුළු නැතත් කදුළු උනපු
නෙත නොපියූ තත්පරයක්
ගතවූ පැය විසිහතරක්
මදිවට තව විසිහතරක්
පතොක් කටු මත ගෙවුණ
ගොළුව වුන් දෙතුන් දොහක්

දුක අසා අස්වසා
කඳුළු වියලා සිනහ කැන්දා 
හිත ලඟින් රන්දා
මිතුදමකි නොබිදෙනා
නිමක් නැති මේ සසරෙ
හුරු පුරුදු හද ගැස්ම
පෙර භවයෙ එක කුස
නුඹත් මාත් හිටියද මන්දා

එකින් එක ගෙවෙනා වසර
පසුකර ඒවි එක දොහක
කටකොනින් ඇඳීයන
සිනහවත් සඟවගෙන
දැන් මොකද වෙන්නෙ ඔහෙ
ඇවිත් බලලා යන
අවසන් දවස එක ඉසවුවේ
නුඹ මා දෙනෙත් මුණ ගැසෙන

නිමක් නැති මේ සසරෙ
අලුත් හැම දේ අතරෙ
හුරුපුරුදු හඳගැස්ම
දැනුනොතින් හදවතට
මේ ජන්මයේ ලෙසින්
අපි ආයෙත් දොඩමළු වෙමු
සිත් බැදි සෙනෙහසින්..


4 comments:

Unknown said...

Awesome.😎

Kalana said...

හරිම ලස්සණයි ! :)

තිළිණි said...

Thanks :)

තිළිණි said...

බොහොම ස්තූතියි!
සමාවෙන්න එන්න බැරි වුණා කාලෙකින් මේ පැත්තේ