Thursday, 21 March 2019
වැසි වනාන්තරයෙන් සුන්දර කාන්තාරයකට.
මගේ ජීවිත කාලයෙන් වැඩි කාලයක් ගෙවුනේ මාතලේ වුනත් ජීවිතේ බොහොම ටික කාලයක් ගෙවී ගිය අනුරාධපුරේට මම පුදුම ආදරෙයි.
මාතලෙන් පිටත්වෙලා ගිහින් දඹුල්ල කිට්ටු වෙද්දී..දඹුල්ලත් පහුකරගෙන ටික දුරක් යනකොට ඒ වෙනස ඇඟට හොදටම දැනෙනවා. අවුව පොදක් නොවැටෙන වලාකුළු බර වුණු කළුවර අහස යට චුරු චුරු වැස්සෙ සීතලේ ගුලිවෙලා කූඩැල්ලොත් එක්ක පුස් කකා තිබුණු මගේ ගත සිත වගේම මගේ මොළයටත්, ඒ කාශ්ඨක අවුවේ ගිනියම් උණුසුම අස්සේ එන සැඩ සුළඟෙන් ආයෙත් අළුත් පණක් එනවා කියල දැනෙනවා .
වටේම කඳු වළල්ලයි මීඳුමයි,කැලෑ රොදවල් එක්ක උන්න මට වියළී ගිය ඉපනැලි, පේන තෙක් මානෙ මහ මුහුඳ වගේ වෙල් යායවල්, නිල්ම නිල්පාට පැහැදිලි ආකාසෙ, හැම වෙල් යායක්ම පහු වෙද්දි හමුවෙන නෙළුම් ඕලු පිරුණු වැවු වල ලස්සන විදින්න හැම පාසැල් වාරයක් අවසානයේම ලැබෙන නිවාඩුවට වාසනාව උදාවෙනවා. ඒ ලෝක දෙක අතර වෙනස මගේ ගතට දැනෙන්නේ වැසි වනාන්තරයකින් සුන්දර කාන්තාරයකට පියමනිනවා වගේ.
ඒකට අපි කියන්නේ ගමේ යනවා කියලා :D
හැම පාසල් නිවාඩුවකටම අප්පච්චිට නිවාඩු ලැබුන ගමන් අපි එහේ ගියා. එදාට තමා මට අවුරුදු. :D
මහ ගෙදර මිදුල ඉස්සරහින් තියෙන්නෙ ජය ගගේ වේල්ල (බන්ට් එක). පිටුපසින් පොල් වත්ත කෙලවර වෙන්නෙ යෝද ඇලෙන්. ඉතින් මට තව වෙන මොනවද.
වත්තෙ ඇති පදමට කජු ගස්, බිලිං, පේර, දිවුල්, බෙලි, අඹ තව..නාරං,දෙළුම්, කොකෝවා ;) අත්තම්මයි ලොකු අත්තයි තමයි මේ හැම දේම වවල තියෙන්නෙ. ඉබේ හැදෙන ඒවත් බොහොමයි. ආහ් ආසම දෙයක් අමතක වුණා තල් ගස් වල තල් ගෙඩි,කුරුම්බා.
පොල් වත්තෙ තියනව උළු වහපු ගෙයක්.වත්තෙ වැඩ දවස්ට ඉන්න හදපු එකක්. අපේ අයියලා අක්කලා ඔක්කොම අපි එහෙ ගිහාම මහ ගෙදරට එකතු වෙනවා. ඉතින් අපි කට්ටිය යනව අර ගෙදරට. යන ගමන් වත්තෙ වැටිල තියන අඹ, දිවුල් එහෙම ඇහිඳගෙන තමා යන්නේ,තව පොලු ගහල ගැට ටිකකුත් කඩාගෙනයි යන්නෙ. :D
ගිහින් ඒවට ලුණු,මිරිස් දාල තලල කාල වත්තෙ ගස් ඔක්කොම සුද්ද කරල යෝද ඇලෙන් අත පය හෝදගෙන තමා එන්නෙ. ඇල අයිනෙ කංකුන් එතකොට වට්ටි පෙට්ටි වියන්න ගන්න පන් ගස් යායයි.
ඒ අව්‍යාජ ලෙන්ගතු පරසරය වගේම ඒ ජීවිතත් හරිම අව්‍යාජයි සරලයි. හවසට වැවට බැහැල ඇති තරම් විනෝද වෙලා කංකුං මුකුනුවැන්න ටිකකුත් කඩාගෙන.. එන ගමන් දඹ,ඇබිලිය,කෝං අත් දෙකට පුරෝගෙන.. තව..එරමිණිය පදුරු වලට ගොඩවෙලා තරගෙට එරමිණිය කඩාගෙන.. දිවුල් ගස් වල වැටිල තියන දිවුල් ගෙඩි ගහේ කදේම ගහල පලාගෙන, අල්ලට මැදි කරල තියල කෑලි කරගෙන බෙදා හදාගෙන ලෑටි ගාමින් ආපු ඒ ජීවිතේ තියෙන්නෙ ඒ සුන්දර වන්නියේ විතරයි කියලා විටෙක සිතුණා.
යෝද ඇලට බහින්න මට තහනම් , ඒ හරියෙ එරෙනවලු ,කිඹුල්ලු එහෙමත් ඉන්නවලු කියලනේ.මාතලේ කෙල්ලට ඉතින් පීනාන්නත් බෑනෙ.
මම බයිසිකල් පදින්න පුරුදු උනෙත් එහෙදි. (මාතලේ කදු පල්ලම් වල පැද්දොත් ඉතින්..!)
එහේ රෑට නිදාගන්නවා නම් බොරු!.
ෆෑන් එකට වත් හිදෙන් නැති රස්නෙ,මදුරුවො නෙට් එක ගලවන් යන් නැති ටික විතරයි. -_- ඉතින් එළි වෙන්නෙ කොයි වෙලාවෙද කියල පෙරලි පෙරලි ඉද්දි පාන්දර ජාමෙට දන්නෙම නැතුව නින්ද ගිහින්.ඇහැරෙන්නෙ මාතලේට වඩා ලස්සනට වැටෙන ඉර එලිය කාමරේට වැටුනම.
ගේ ලඟම තියනව ලොකු ලිදක් ලස්සනට සිමෙන්තියෙන් බැදපු. ඉතින් වැඩි පරිස්සමට කවුරු හරි ඇදලා දෙන වතුර බාල්දියෙන් මූණ කට සෝදාගෙන පටන් ගන්න නැටිල්ල කෙලවර වෙන්නෙ හවස හතරට විතර ආයෙත් මාතලේට වඩා ලන්නසනට ඉර බහිද්දි. මාමයි සීයයි ඇරෙන්න ගෙදර ඔක්කොම හවසට යනවා ගෙදර ඉස්සරහ ජය ගගට. මාතලේ වගේ දවල් දෙලහා වෙන්න කලින් නාන්න ඕනේ කියන වදකාර චාරිත්‍රය නෑනේ එහේ!. ඒ පැත්තේ උදවිය නාන්නෙම හවසට. රස්නය නිසා වෙන්න ඇති.
දිය කෙලිය ඉවර වෙලා ගොඩ වෙන්නෙ ගෙදර කෙනෙක් අපි ගගේ ගිහින්ද කියල බලන්න ආවම.
ඊට පස්සෙ ගෘහස්ත ක්‍රීඩා පටන් ගන්නව. රෑ 12 විතර වෙනකල් කැරම් සෙල්ලම් කරනව.කාඩ් ගහනව හරිම විනෝදයි. ඒ වෙනකල් වැඩිහිටියොත් ආගිය තොරතුරු කතාබහ කරනව.කාලෙකින්නේ එකතු වෙන්නේ.
දවසක් වෙන් වෙනව චාරිකාවට.අවුකන, විජිතපුරේ, වැදගෙන කලා වැව් තාවුල්ලෙ තියන රූස්ස ගහක් ගාව නතර වෙලා කාල ඇති වෙනකල් විනෝද වෙලා තමා එන්නෙ.
නිවාඩුව ඉවර වෙලා ගෙදර එන දවසෙ උදේට මට ඇහැරෙන් නෑ. හොදටම ලෙඩ වෙනව :) ඒත් ඒ අසාර්ථක උත්සාහයෙන් පැරදිලා එන්න පිටත් වෙන්නෙ සතියකට විතර ඇති වෙන්න ගඩා ගෙඩිත් පුරවගෙන.
ටික ටික ලොකු වෙලා ඉගෙනීම ,විභහග,ටිවුෂන් එක්ක හිර වෙනකොට ඒ හැමදේම නැතිවෙලා ගියා.
තාමත් ඒ ගග ගලනවා,ඒ ගස් වල ගෙඩි හැදෙනවා. අත්තම්මා නැතත් සීයා තවමත් මඟ බලන් ඉන්නවාලු කිරි දුව එනකල්.ඒත්.. මගේ අයියලා අක්කලා එක්ක ගෙවපු ඒ සුන්දර ලෝකය හඳවතේ ගැඹුරුම තැන ඇඳුන සොඳුරූ සිතුවම් පමණක්ම වෙලා.
Tuesday, 19 March 2019
පෙම් හසුනක්.
ආදරණීය ගීතය වෙත,
ජීවිත කාලය පුරාවට මා සිත තුල පැලපදියම් වූ ආදරවන්තයා නුඹයි. මගේ දෙසවන් තුලින් විත් මගේ හද තුල හිදිමින් මා නිවා සනසාලූ ඔබට විසිනව වසරකට පසු මෙසේ ලියමි. නුඹේ මිහිරි පද මාලා නුබේ මිහිරි තනු මගේ මුළු ජීවිත කාලය පුරාවට මට දැනුනා.
අම්මගේ බඩ ඇතුලේ ඉද්දිත් මට නුඹව ඇහෙන්න ඇති. විටෙක සමහර පැරණි ගී තනු ඇසෙන විට දැනෙන වචනයෙන් විස්තර කල නොහැකි සුපුරුදු ලෙන්ගතු බව ඒ නිසා යැයි මට හැගේ.
මතකයේ නැති වුණත් අම්මාත් අත්තම්මාත් මා නලවන්න ඇත්තේ නැලවිලි ගී ගයායි. මල්ලී නැලවූ අයුරු මතකයේ රැදී ඇති නිසා මට එසේ සිතුනා. ඒ දෙස බලා සිටි මාත් මල්ලී උකුලේ හොවා නැලවූ හැටි මගේ මතක ගබඩාවේ අදටත් පැහැදිලි මතකයක්.
"දොයි..දොයි..දොයි..දොයිය බබා..
බයි..බයි..බයි..බයිය බබා..
ඔන්න බබෝ..ඇතින්නියා..
ගල් අරඹේ..සිටින්නියා..
ගලින් ගලට..පනින්නියා..
බබුට බයේ..දුවන්නියා.."
අප්පච්චී මුලින්ම මට පුංචි ගීතයක් උගන්වපු හැටි යන්තමින් මතකයි.
"පුංචි බලු රාලේ..
මා ගෙදර නැති වේලේ..
කවුද මගෙ බෝලේ ..
පෙරල පෙරලා සිටියෙ මිදුලේ.."
ඒ දෝණී කාලයත් එක්ක ලොකු වුණා. බාල කාලයේ පටන්ම මම හිතුවේ ඔයා ඉන්නේ සතුට දෙන්න විතරයි කියලා. ඒත් ටිකෙන් ටික ලොකු වෙනකොට ඔයාව මට වැඩි වැඩියෙන් දැනෙන්න පටන් ගත්තා.
කාමරේ තිබුණ රේඩියෝවෙන් රෑ නින්දට යන්න කලින් ඔයාව අහගෙන ඉන්න මම පුරුදු වුණා. කරන්ට් නැති දවසට නින්ද නොයන තරමට මම ඔයාට ඇබ්බැහි වුණා.
ඉස් ඉස්සරලාම ගත්ත චූටි දුරකතනයට පින් සිදු වෙන්න එහි කන් බනුව නුඹව පෙරට වඩා සියුම්ව මගේ දෙසවනට මිහිරක් ගෙනාවා. ඒකෙන් ලොකුම පාඩුව වුණේ මගේ නින්දට.ඇස් දෙක පියාගෙන පාන්දර වෙන තෙක්ම මම නුඹට සමවැදෙනවා. නුඹ මගේ හද පතුලට කිදා බහින්නේ හරියට අයිස් කිනිස්සක් වගේ. හේතුවක් නැතුවත් විටෙක නුඹ මගේ දෑස් තෙත් කලා.
"ඈත එපිට හිම කන්දෙන්..
කළු වලාව සමගින් ආ..
ආදරයේ පිණි කැට පොඩි
සිලි සිලි ගා සැලුනා..
පිනි කැට බිදුණා.."
සොබාදහමේ රස හුදකලාවේ මම නුඹත් එක්ක විදින්න හුරු වුණා. විරහව රසක් බවත් එය රස විදින හැටිත් නුඹගෙන් මම ඉගෙන ගත්තා. කන් පෙති උණු කඳුලින් පිරෙනකල් නුඹ මාව සංවේදී කලා.
"නටුවෙන් ගිලිහුන පින්න මලක්..
සුළගට පාව ඇවිත්..
මගෙ හද මඩලේ නතර වෙලා
සෙනෙහස් සුව විදිමින්.."
සමහරු කියනවා සංගීතය භාවනාවක්ලු. ම්ම්ම්හ් ඒ ගැන නම් ටිකක් හිතන්න ඕනෙ. ඔයා නම් කලේම මාව පිස්සු වට්ටපු එක.!
"ඒ මෙරේ හම් සෆර්...
එක සරා ඉන්තසාර්...
සුන් සදායේ දේ රහි හේ...
මන්සිල් ප්යාර් කී."
ගීතය රස විදීම මගේ ජීවිතයේ කොටසක් වෙද්දී ගිටාරයත් වයලීනයත් මගේ ආහාරය වුණා. .
යොවුන් වියට එලබෙත්ම ආදරයේ සෙවනැලි හදට වැටෙද්දී නුඹ තව තවත් මගේ හදට ලං වුණා.
හා හා පුරා ලැබුණු පෙම් හසුන් වලත් අග්ගිස්සේ නුඹ හිටියා!
අදටත් ප්‍රථම ප්‍රේමයේ සොදුරු තැන් හිටි හැටියේම නුඹ මගේ මතකයට ගේනවා.
"ඩේලියා මලෙන් සුවඳ ගලන
සීතල රටට..
එහි ලියා තියෙන දිනයට ඔබ ඇවිත් යනවද.."
කාලයත් සමඟ ජීවිතයේ දුක සැප බෙදාගන්න ජීවිතයට කවුරු ආවාත් පෙම්වත, නුඹ තරම් මගේ පාළු මැකූ අයෙක් නැත! අදටත් මගේ ඇස් පියවෙන්නේ නුඹ මාගේ සවන්පත් තුලින් හදට වඩිද්දීයි.
ඉතින් සොඳුර, අපේ මේ බැදීම හැමදාමත් මගේ හදවතේ තියේවි.. ඒ ඔයාව නැතිව ඉන්න මට බැරිම නිසා.. එහෙම වුනොත් මගේ හිතට මං විතරයි..සමහර විට මමත් නැති වෙයි..
මීට ,
ඉඳුවරී.

Thursday, 14 March 2019
ආදරණීය ඉර
ඉර අහසට එන්න කලින් අහස එළිය කල හඳ තරු
ඉරත් එක්ක නොපෙනී ගියා
රෑ පුරාම පාළු මැකූ වවුලෝ රැහැයියෝ කණාමැදිරියෝ වහං උනා
රෑ මැදියම සුවඳ කල කඩුපුල් රෑ කුමාරී නිදා වැටුනා
ඉර අහසට වැඩියා
ලෝකය එලිය කලා
උදෑසන ගෙවී දහවලට හෝරා ගෙවෙද්දී ඉර එළිය සැර වැඩි උනා
සමහර කාල වලට ඉරෙන් විසි වෙන දරුණු ගිණි දැල් කිරණ සැරට බොහෝ දේ පිච්චෙන්න උනත් පුලුවන්
අනේ ඉක්මනින් රෑ උනානම් කියලා මට හිතුනා
ඉර අවුවේ සැරට වඩා සෞම්‍ය සඳ එලිය කොච්චර මනරම්ද
තරු අහසට කොච්චර හැඩද
මේ සිසිල් සුලඟ යට අඩ අඳුර ගතට කොච්චර සැපද
කන් අගුලු වැටෙන කරච්චල් වලට වඩා සිසිල් සුලඟේ නටන ගහ කොල තාලෙට ගැයෙන රැහැයි ගී මිහිරියි කියලා කියලා මට හිතුනා
ඒත් ලෝකය පවතින්න නම් මේ රැය ගෙවෙද්දී ඉර පායන්නම එපැයි
ලෝකය පවතින කතන්දර කෙසේ වෙතත් හෙට ඉර පායනවාමනේ
දහවල රැස් සැර වැඩි උනත් කොයි දේ කොහොම වෙතත් හඳේ ලස්සන බලන්නත් එලිය දෙන්නේ ඉර.
ඉර නැතුව බැහැ
ඒත් හදට ලෙන්ගතු හඳ

Wednesday, 27 February 2019
අහිමි පෙම්වතිය.
උදයගේ නෙත් නවාතැනේ පුංචි කාමරයේ බිත්තියේ ගසා තිබූ ඇගේ පින්තූරයට ගියේ ඉබේටම වාගේ. ලස්සන හුරුබුහුටි පින්තූර රාමුවට ඇගේ ජායාරූප දෙකක් දමා ඇය මේ පින්තූර රාමුව තමාට තෑගි කල දිනය උදයට සිහි විය. ඔහුගේ උපන් දිනයට මාස ගනනාවකට පෙර සිට ඇය මෙවැනි දෑ සැලසුම් කරන බව ඔහු දනී. පුංචි සමරුවක් සමඟ ඇය අතින්ම සෑදූ කුතුහලය දනවන හුරුබුහුටි සුභ පැතුම් පතක්ද උපන් දිනය දවසට කෙසේ හෝ අතට ලැබෙන බව උදය දනී. තම ආදරය වෙනුවෙන්ම ඇය ජීවත් වෙන බව මෙවැනි පුංචි පුංචි දෑවලින් ඒත්තු ගන්වන්නට ඇය ගන්නා උත්සාහයට ඔහු වඩාත් ප්‍රිය කලා. පින්තූර රාමුවත් රැගෙන උපන්දිනයට පසුදා කොළඹ ආ පසු එය තබන තැන ගැන ඇය පසු විපරම් කල හැටි උදයට රූප රචනයක් මෙන් සිහි විය.
"මං දුන්න ෆොටෝ ප්‍රේම් එක ලස්සනද ම්ම්ම්"
"හ්ම්ම් ෆ්‍රේම් එක ලස්සනයි. ඒකේ ඉන්න ගෑණු ළමයා ඊටත් වඩා ලස්සනයි"
"දැන් පාළු නෑනෙ.ඔන්න මං ලඟම ඉන්නවා. පේන තැනක තියාගන්න හරිද.එතකොට මං ඔක්කොම බලාගෙන ඉන්නෙ.හොර ගෙඩියට තක්කඩි වැඩ කරන්න බෑ එතකොට"
"හැමදාම අම්මි මගේ ලඟ තමා හිටියෙ. අම්මිට හොරෙන් මං කරන චන්ඩි වැඩ මොනවද? "
"හරි හරී දැන් කොහෙද මාව තියල තියෙන්නෙ"
"මගෙ ඇද ගාව. ඇද වියනට මුවා වෙන්න"
"ඇයි මුවා වෙන්න ගැහුවෙ?"
"අනිත් අයට පේනවනෙ"
"ඉතින් මොකෝ. මං ගැන හැමෝම දන්නවනෙ"
"ඒ වුනාට මං කැමති නෑ එක එකා දකිනවට"
"හ්ම්ම් ඒකත් එහෙමද. කවුරුත් දැක්කෙ නැද්ද ඉතින්. "
ඇයට ඕනෑ ඇය වැනි රුවැත්තියක් ඔහුගේ පෙම්වතිය බව ඔහු වටේ සිටින සියල්ලන්ම දකිනවාටයි. උදයගේ කෙල්ල ලස්සනයි කියා කවුරුන් හෝ කියනවා දකින්න ඇය ආසා බව ඔහු දැන සිටියා.
"දන්නෙ නෑ. මම නම් හැම වෙලේම බල බල ඉන්නෙ. හිනා වෙලා මං දිහා බලං ඉන්න අහිංසක මූණ දිහා"
මෙය වසර දහයක සුන්දර මතක ගොන්නෙන් විනාඩි කීපයක සුන්දර මතකයක් බව කල්පනා ලොවින් අවදි වූ ඔහුගේ හිතට නොසිතෙයි. දැන් දැන් කඳුළු උනන්නේද නැති තරම්. හිතේ තෙරෙපී ඇති වේදනාව දරාගැනීමට දරන වෙහෙසෙන් මොලයේ නහර පුපුරා යතැයි සිතෙන තරම් පීඩනයක් විටෙක දැනෙයි.
ඇය අද කොහෙද. මොනවා කරනවා ඇද්ද. පෙනහලු පුරවාගත් ගැඹුරු ආශ්වාශය සුසුමක් ව පිට වුනේ එම පැනය හිතට නැගෙන හැම විටම නිතැතින්ම පතන ආශිර්වාදයත් එක්ක.
ඔයා මට දුන්න ආදරය වගේම ඔයාත් ගොඩක් පින්වන්තයි. වාසනාවන්තයි. ඉන්න තැනක සතුටින් ඉන්න ලැබෙයි. බොද වූ දෑස් නැවතත් ඇගේ පින්තූරය දෙසට දිව ගියා.
වාසනාවන් අහිමි පෙම්වතියේ..
නිමල පෙම් වේදනාවෙන්..
නිහඬ වූ වේදනාවෙන්..
අහිංසක මා හෙලන සුසුම්
ඔබට පවනක් වේවා...
පැයකට දහ දොලොස් වතාවක් එන ඇගේ ඇමතුම්. රෑ මැදියම හෝරා ගණන් ගෙවෙන තෙක් ආදරය කොදුරපු ඇමතුම්.
"මොනාද කරන්නෙ? කොහෙද මෙච්චර වෙලා ගියේ?"
ඒ, තමා මත්තේම හැපී දවස ගෙවූ ඇගේ ආදරය නොයිවසීම හා මුහුවෙච්ච ආදරනීය තරහවක් බව උදය දනී
"මං ටොයිලට් එකට ගියා ළමයො. හම්මේ කෝල් මැසේජ් ගොඩ. මොනාද මේ එවලා තියෙන්නෙ.. ඉන්න බලන්න."
උදය ඇයව දුරකතනයේම තබාගෙන එවා තිබූ කෙටි පනිවුඩ පිරික්සයි. තමා ඉක්මන් වුණා වැඩි බව වැටහී ඇය කන් කෙදිරි ගායි.
"හයියෝ ඒවා ඩිලීට් කරන්න අනේ.. අනේ ඒව කියවන්න එපා.. ප්ලීස් අනේ. මට ටිකක් කේන්ති ගියා. ටොයිලට් එකට ගියත් කියල යන්න දන්නෙ නැද්ද. ආයෙ මට කියන්නෙ නැතුව ටොයිලට් වත් යන්න එපා හරිනෙ."
උදය තොල්පට සපාගෙන හිනාව තද කරගනිමින් නැවත කෙටි පනිවිඩ කියවයි.
"ම..ට.. ආයේ කෝ..ල් ගන්න එපා.. ම..ම ෆෝන් එක ඕෆ් කර..නවා.. ඔයාට මට වඩා..ලොකු වැඩ තිය..නවා නේ. ඒවා කරගන්න. මාව වදයක් කරගන්න එපා.කෝල් ආන්සර් නොකර කරන්න තරම්..ලො..කු වැඩ ඇති. පරි..ස්සමෙන් ඉන්න. ගුඩ් ලක් .බී එස්. ටී සී."
"හරිද දැන් ?"
බොරු තරහක් මවා ගනිමින් ඇය හුරතලෙන් මෙන් විමසුවා.
උදයට සිනහා ගියේ ඇගේ ඒ හුරතල් මුහුණ මැවී ගිය නිසා.
"හරි හිනා"
"ඉතින් ළමයෝ හදිස්සියේ බොකක් සෙට් වුනා.කිය කිය ඉන්නෙ කොහෙද. ඇවිත් බලද්දි දැක්කෙ ෆෝන් එකේ කෝල් ගොඩ"
"බොකක් තමා. ඉන්නකො මාත් කරන්නම් හොද වැඩක්. ඔයාට තේරෙයි ඔයාත් මං ඉන්න තැන හිටියා නම්. ඔයා කොළඹ. මං නුවර. අපි දෙන්නා එකතු කරන්නෙ මේ කෝල් එක. ඉතින් ෆෝන් ආන්සර් කරන් නැතුව හිටියම හුස්ම නවතිනවා වගේ රත්තරන්. තේරුම් ගන්න.
උදය බින්දුවේ සිට පටන් ගත් ජීවිතය මේ තැනට ඔසවා තබන්න ශක්තිය දුන්නේ ඇගේ මේ අහින්සක හුරතල් ආදරයයි.
දැන් ඒ ආදරය තමා සතු නොවේ. ඇය දැන් කවුරුන් හෝ එක්ව තමා නොමැති ඇගේ ලොව ගොඩනගාගෙන ඇති. සිහිනයක්දැයි විටෙක හිතෙන, සිතන විටත් මහා පුදුමයක් දැනෙන සත්‍ය එයයි.
හදවතට දැනෙන ඒ දරාගත නොහැකි හැගීම ඇසට ඉනූ කඳුළු පහරක් වී තරමක් ඝණව වැවී ඇති රැවුල් ගස් අතර නොපෙනී ගියා.
කොහේ හරි සතුටින් ඉන්නවා නම් හොදයි. ඒ හිතට දුක් දරාගන්න බැහැ. හැම තිස්සෙම හෙවුවෙ ආදරේ. කොච්චර දුන්නත් මදි ආදරේ.මං දුන්න තරම් නම් ලැබෙන්නෙ නැතිවෙයි. දුකක් නැතුව ඉන්නවා නම් එච්චරයි. ඇයව සිහිවෙන හැම විටම මතක ලොවෙන් අවදිවෙන උදයට සිතෙන එකම දේ එයයි.
මගෙ කඳුලින් නිමා වූ මාවතේ මාවතේ..
ඔහු සමඟින් ඔබ මන්දහාසෙන් යන ගමනේ..
මගේ යුග නෙතු ඔබට හිරු සඳු වේවා...
ඇය අහිමි වූ දා සිට ගෙවුණ හැම රාත්‍රියක්ම ගෙවී ගියේ ඔහුගේ හිතේ තවමත් ජීවමාන ඇගේ ආදරත් සමගයි. රැකියාවත්,අම්මාත්,මහමෙවුනාවත් නොතිබෙන්න ඔහු පාරක් පාරක් ගානේ යන උන්මන්තකයෙකු වන්නටත් තිබුණ බව ඔහුට සිතුනා. ඒ තරමටම ඇගේ ආදරය වසර දහයක් පුරාවට ඔහුගේ ලේ සමඟ මුහු වී තිබුණා. එය ඇයටත් එලෙසම බව ඔහු දැන සිටියා.
දුරකතනය නෙත ගැටෙද්දී කුමක් හෝ හේතුවකට පපුව සීතල වී යයි. වෙනදාට රෑ නවය දහය වන විට ඇය හා ඔහේ දොඩවයි. ඒ දෙඩවිල්ල නවතින්නේ පාන්දර ජාමයේ. ආයෙත් ඇය කතා කරනවා නම් කියා ඔහුගේ අහිංසක හිත ඇයව විමසයි. නැත ඇය නැවත නොඑයි. එය හෙට පායන හිරු මෙන් ඉථීරයි. දවස පුරා එක් වී ඇති ගතේ වෙහෙස නිසා යාන්තමට දෑස් පියවුනත් හදේ තවමත් ජීවමාන ඇගේ ආදරේ සිහිවී ගැස්සී අවදි වී දුරකතනය අතට ගන්නා වාර කොපමණ ඇත්ද.
ඊයේ හීනේ ඔයා මං ලගින් හිටිය හැටි මට දැනුනේ හැබැහින් වගේ. ඔය ඇගිලිතුඩු මගේ ඔලුව පුරා දුවද්දි මට ඒක දැනුනෙ ඇත්තටම වගේ රත්තරනේ. මම නිදාගෙන ඉද්දි ඇවිත් ගියාද කියලත් හිතෙන තරම් මට ඔයාව දැනුණා.හීනෙන් හරි මට නැති වුණ ඔයාගෙ ආදරේ දැනෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න තරම් අපේ ආදරේ හුස්මක් හුස්මක් ගානෙ තියනවා කියලා ඔයා දන්නවා.
පාළුකුටියේ මා අරාජිත වී
නිදා නොනිදා හිදින රෑ..
සිහිනයෙන් හෝ පෙනේවා..
ඔබේ සෙනෙහේ නිවුනු පහන්..
නොනිමි පහනක් වීලා..
ගීතය රසවිදින්න මෙතනින් ...
https://youtu.be/y_Qw_STSEzM

Subscribe to:
Posts (Atom)