නුඹ ගාවින් පියමනිද්දි
පිහාටුවක සහැල්ලුවෙන්
මා කැන්දන් පරිස්සමෙන්
තැබු නුඹෙ හර බර පියවර
මාවත ඇරඹුම අවසන
ඇයි මං මොකටද හිතන්නේ
අතින් ඇදන් රැළ පීරන්
නුඹ පස්සෙන් මං දුවන්නේ
අත පොඩ්ඩක් අතෑරුනොත්
ඉස්සරහිං මං ගියොතින්
යන්නෙ කොහෙද මල්ලේ පොල්
තැපලුන තැන හැමදාමත්
'උමං මාරුව'
හ්ම්. අපූරුයි..!
ReplyDeleteබොහොම ස්තූතියි නමී..!
Deleteලස්සනයි
ReplyDeleteබොහොම ස්තූතියි අහස් යාත්රිකයා..!
Delete